ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන් රාජකාරි ආරම්භ කිරීම 2026.01.01 දින ආගමික වතාවත් වලට මුල් තැනක් දෙමින් සිදු කෙරිණි.
මෙහිදී රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සියලු නිලධාරීන් විසින් සිදුකළ අතර ප්‍රාදේශීය ලේකම් ජී.සී.ආර්. විජේවර්ධන මහත්මිය විසින් නව වසර තුල අත්පත් කරගත යුතු ඉලක්ක හා අරමුණු පිළිබඳ පැහැදිලි කෙරුණු දේශනයකින් මෙම කෙටි උත්සව අවස්ථාව අවසන් කෙරිණි.






විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා, හම්බන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් විසින් සිදුකිරීමට අපේක්ෂිත ප්‍රජා සේවාවක් ලෙස , වියළි සලාක මළු එම ජනතාව වෙසෙන ප්‍රදේශ කරා බෙදාහැරීම 2015/12/05 දින සිදුකිරීමට අපේක්ෂිතයි....
මේ සඳහා හම්බන්තොට කොට්ඨාසයේ වෙසෙන ඔබටත් දායක විය හැකි අතර ඒ සඳහා මෙහි පහත සඳහන් ද්‍රව්‍ය 2025/ 12/01දින සිට 2025/12/04 දින ප.ව. 3.00 දක්වා හම්බන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලයට ගෙනවිත් භාර දෙන්න...
වියළි ආහාර,
සනීපාරක්ෂක ද්‍රව්‍ය,
පාසල් උපකරණ
වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව සෙයිරි සතිය වෙනුවෙන් හම්බන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළ 2025.09.01 දින නිලධාරින් දැනුවත් කිරීම සහ කාර්යාල ගෙවත්ත පිරිසිදු කිරීම සිදුකරන ලදි.Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව සෙයිරි සතිය වෙනුවෙන් හම්බන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළ 2025.09.01 දින නිලධාරින් දැනුවත් කිරීම සහ කාර්යාල ගෙවත්ත පිරිසිදු කිරීම සිදුකරන ලදි.
2025.09.02 දින සියලු නිලධාරීන් කාර්යාල අභ්‍යන්තර පරිසරය තුළ තිබෙන ඉවත්කිරීමට ඇති ද්‍රව්‍ය හදුනා ගැනීම සහ අනවශ්‍ය ලිපිගොනු හදුනා ගැනීම සිදුකරන ලදි.
2025.05.03 දින අපහරණය කල යුතු ලිපි ගොනු සහ භාණ්ඩ සදහා red tag, yellow tag නියමිත ආකාරයට භාවිතායට ගනිමින් අනවශ්‍ය දේ ඉවත් කිරීමට කටයුතු කරන ලදි.






ලෝක පරිසර දිනය නිමිති කරගෙන පහළ බැරගම කණිටු විදුහලට කසල බදුන් 03 ක් ලබා දීම හා කසල කළමණාකරණය සහ ඝණ අපද්රව්ය කළමනාකරණ පිළිබඳ 6,7,8,9 වසර වල ළමයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.06.03 වන දින පැවැත්වූ අතර 2025.06.06 වන දින පහල අන්දරවැව කණිටු විදුහලේදී ද එම වැඩසටහන පවත්වන ලදි. ඒ සදහා අවශ්ය මගපෙන්වීම සිදු කල හම්බන්තොට ප්රාදේශීය ලේකම් ජී.සී.ආර්. විජේවර්ධන මහත්මිය, දැනුවත් කිරීම සිදු කර මධ්යම පරිසර අධිකාරිය පරිසර නිලධාරීන් දෙපලටද පාසල් දෙකෙහි විදුහල්පති වරුන්ටද ස්තුතිය පළ කර සිටිමු.



















