හම්බන්තොට ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025.01.10 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

කාර්යාලීය නිලධාරින්ගේ ප්‍රාසාංගික හැකියාවන් හා දක්ෂතාවයන්ගෙන් යුත් අලංකාර ගායන, නර්තනය හා නාට්‍ය අංග ගණනාවකින් සමන්විත වූ මෙම අවස්ථාව හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චන්දන රත්නායක මහතා, ප්‍රාදේශීය ලේකම් ජී.සී.ආර්. විජේවර්ධන මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.එන්.ඉන්දික මහතා හා කාර්යාලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

තවද මෙම වාර්ෂික විවිධ ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්වු සියලු දෙනාට ස්තූතිය පුද කරමි.

123789IMG 20250110 WA0002IMG 20250115 WA0035IMG 20250115 WA0037IMG 20250115 WA0039IMG 20250115 WA0047mScreenshot 2025 01 16 152604Screenshot 2025 01 16 153158

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2025 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන් රාජකාරි ආරම්භ කිරීම 2025.01.01 දින ආගමික වතාවත් වලට මුල් තැනක් දෙමින් සිදු කෙරිණි.

මෙහිදී රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සියලු  නිලධාරීන් විසින් සිදුකළ අතර ප්‍රාදේශීය ලේකම් ජී.සී.ආර්. විජේවර්ධන මහත්මිය විසින් නව වසර තුල අත්පත් කරගත යුතු ඉලක්ක හා අරමුණු පිළිබඳ පැහැදිලි කෙරුණු දේශනයකින් මෙම කෙටි උත්සව අවස්ථාව අවසන් කෙරිණී.

47

13171819IMG 20250102 WA0019

 

සෞඛ්‍ය අමාත්‍යංශයේ  දේශීය වෛද්‍ය  අංශය, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය හා හම්බන්තොට ආයුර්වේද සංරක්ෂණ සභාව එක්ව සංවිධානය කරන ලද දේශීය ආහාර ප්‍රවර්ධනය හා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 නොවැම්බර් මස 20 වන දින සාර්ථකව පවත්වන ලදී.

මේ සදහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් තුමා, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්, පරිපාලන නිලධාරී තුමිය, දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් තුමිය ඇතුළු දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරින්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, හම්බන්තොට සහ වීරකැටිය ආයුර්වේද සංරක්ෂණ සභා පාරම්පරික වෛද්‍යවරුන් හා හම්බන්තොට දිස්ත්‍රික්‌ දේශීය වෛද්‍ය අංශයේ සංවර්ධන නිලධාරින් සහභාගී විය. මෙම ප්‍රදර්ශනය නැරඹීම  සදහා පාසල් දරු දැරියන්, පෙරපාසල් දරු දැරියන්, කාර්යාල නිලධාරින්  හා ප්‍රජාව සහභාගී විය.

 

123IMG 20241125 WA00194IMG 20241125 WA0008IMG 20241125 WA0010IMG 20241125 WA0012IMG 20241125 WA0013IMG 20241125 WA0033IMG 20241125 WA0034

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය මගින්  හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදුන් ප්‍රතිපාදන මත පාරම්පරික ආහාර වට්ටෝරු හා ආහාර සංස්කරණ ක්‍රම හදුන්වාදීමේ වැඩසටහන් 03 ක් පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් සඳහා‌ පවත්වන ලදි.

  • 2024. 12.05 වන දින සමොදාගම පුංචි සමනල පෙර පාසල
  • 2024.12.10 වන දින හම්බන්තොට බටහිර ශ්‍රී ගුණාන්ද පෙර පාසල
  • 2024.12. 12 වන දින ගොඩාවාය පෙර පාසල

මෙහිදී කුරක්කන් පීසා හා පෝෂණීය කැඳ පිළියෙල කරන ලද අතර එම ආහාර පෙර පාසල් දරුවන්ට, පෙර පාසල් ගුරුවරුන්ට හා දෙමාපියට පිළිගන්වන ලදි. තවද මෙහිදී පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ ද පවත්වන ලදී.

මෙම වැඩසටහන් සඳහා  හම්බන්තොට ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී චතුරානි සමරසේකර මහත්මිය, දේශීය වෛද්‍ය සංවර්දන නිලදාරී තුමිය, බෞද්ධ කටයුතු සංවර්ධන  නිලධාරින් දෙපළ, සංස්කෘතික සංවර්දන නිලදාරීන් දෙපළ, සමොදාගම හා ගොඩවාය ආර්ථික සංවර්ධන නිලධාරි තුමිය ද  සහභාගී වන ලදී.

 

IMG 20241213 WA0009IMG 20241212 WA0065IMG 20241212 WA0062IMG 20241212 WA0063IMG 20241212 WA0069IMG 20241212 WA0070IMG 20241212 WA0071IMG 20241212 WA0072IMG 20241213 WA0010

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, දකුණු පලාත් සංස්කෘතික අමාත්‍යාංශය හා සංස්කෘතික බලමණ්ඩලය එක්ව හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2024.10.16 වන දින ප්‍රාදේශීය සාහිත්‍ය කලා උලෙළ හා දමිළ කලා උලෙළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

මේ සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) - එම්.කේ.ඒ. අංජලා අමාලි මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) - ඩබ්.සි.ඒස්.කේ. රත්නායක මහතා, ප්‍රාදේශීය ලේකම් - ජී.සී.ආර්. විජේවර්ධන මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් - ඩී. නිශාන්ත ඉන්දික මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්, කලායතන, පාසල්, දහම් පාසල් නියෝජනය කරමින් ගුරු මහත්ම මහත්මීන්, දුවා දරුවන්, කලාකරුවන්, දෙමාපියන් විශාල ප්‍රමාණයක් සහභාගි වූ අතර තරග ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහතික හා සම්මාන ප්‍රදානය  කරන ලදී. 

මෙම වැඩසටහන සාහිත්‍ය දේශන, නර්තන, ගායන, කාව්‍ය, නාට්‍ය ආදී අංගයන්ගෙන් විචිත්‍රවත් විය.

 

1234567IMG 20241021 WA0048IMG 20241021 WA0059IMG 20241021 WA0068IMG 20241021 WA0080

News & Events

02
ජන2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
දෙසැ2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

Scroll To Top