හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභිනව ප්‍රාදේශීය ලේකම් ලෙස ජී.සී.ආර්.විජේවර්ධන මහත්මිය 2024.03.14 දින ආගමික කටයුතු වලට මූලිකත්වය ලබාදෙමින් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී. එතුමියට අපගේ සුභාශිංසන !!!




හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් පස් වසරක් පුරා නොනිමි සේවාවක් ඉටුකර නව සේවා ස්ථානයකට පියනගන ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා ගලප්පත්ති මහත්මියනි, ඔබතුමියට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ හදපිරි සුභාශිංසන....!









76 වෙනි නිදහස් දිනයට සමගාමීව හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙ කොහොලංකල ග්‍රාම නිලධාරී වසමේ සුමනාරාම විහාරස්ථානයේ 2024.02.04 දින රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර බැල්ලගස්වැව ග්‍රාම නිලධාරී වසමේ නාගරවැව බුදුරජ විහාරයේ 2024.02.06 වන දින රුක් රෝපණ වැඩසටහන හා ආයුර්වේද වෛද්‍ය තුමියගේ දැනුවත් කිරිමේ වැඩසටහනක් ද පවත්වන ලදි.
මේ සදහා අවශ්‍ය මග පෙන්වීම සිදු කර ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමා සහ වැඩසටහන හා සම්බන්ධ වූ අප කාර්‍යාලයෙ බෞද්ධ කටයුතු සමායෝජක දෙපල, ආයුර්වේද සංවර්ධන නිලධාරී, වසම් දෙකහිම ආර්ථික සංවර්ධන නිලධාරීන් දෙපල, පරිසර නිලධාරී, පොල් සංවර්ධන නිලධාරී , සංස්කෘතික සංවර්ධන නිලධාරී යන සියලුම දෙනාට වැඩසටහන සාර්ථක කර ගැනීමට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ගෞරවණීය ස්තුතිය පුද කර සිටිමු.








හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ (ක්‍රම සම්පාදන) නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය දරමින්, මාගම් පුර ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකර අධ්‍යක්ෂ( ක්‍රමසම්පාදන) ධුරයට උසස් වීම් ලැබ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ස්ථාන මාරු ලැබ යන එම්.කේ ප්‍රදීප් කුමාර මහතාණෙනි, ඔබතුමන්ට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයේ සුභාශිංසන ....!






මාගම් රුහුණුපුර පරිපාලන සංකීරණයේ 2024 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන් රාජකාරි ආරම්භ කිරීම 2024.01.01 දින ආගමික වතාවත් වලට මුල් තැනක් දෙමින් සිදු කෙරිණි.මාගම් රුහුණුපුර පරිපාලන සංකීරණයේ 2024 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන් රාජකාරි ආරම්භ කිරීම 2024.01.01 දින ආගමික වතාවත් වලට මුල් තැනක් දෙමින් සිදු කෙරිණි.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩ සටහනේදී පළමුව සෙත් පිරිත් ශ්‍රවනය කරමින් ආගමික ආශිර්වාද ලබා ගැනීම සිදුවූ අතර දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් විසින් ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් පසුව සියළු දෙනා එක්ව රාජ්‍ය ප්‍රතිඥාව ලබා දිම සිදු විය.
අනතුරුව හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කළ අතර පසුව ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා ගලප්පත්ති මහත්මිය විසින් නව වසර තුල අත්පත් කරගත යුතු ඉලක්ක හා අරමුණු පිළිබඳ පැහැදිලි කෙරුණු දේශනයක් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර අනතුරුව සියළු දෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.
























