හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ජී.සී.ආර්.විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන්, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මත ව්‍යවසායකයින් 35 දෙනෙකු සඳහා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට හා ස්වයං රැකියා අවස්ථා උදා කර ගැනීමට 2024.07.22 සිට 2024.07.24 දක්වා තෙදින ටෙඩිබෙයාර් නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනක් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යවසායකත්ව සේවා පියසේදී සිදු කරන ලදි.
එහිදී නිෂ්පාදන භාණ්ඩ වර්ග 06ක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදීම මෙන්ම අමුද්‍රව්‍ය ලබා ගැනීමට හා නිෂ්පාදන අලෙවි කර ගැනීමට වෙළඳපොළ අවස්ථා හඳුන්වා දීමද සිදුවිය.






උරුමය වැඩ සටහන යටතේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිරිජ්ජවිල, සාමෝදාගම, කොහොලංකල, සිසිලසගම හා මානජ්ජාව යන ග්‍රාම නිලධාරී වසම් වල ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදු කොට හදුනාගත් බලපත්‍ර හා දීමනාපත්‍ර ලාභීන් සදහා නිදහස් දීමනාපත්‍ර සකස් කිරීමට අදාලව ලේඛන බාර ගැනීමේ වැඩසටහනක් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ ප්‍රධානත්වයෙන්, හම්බන්තොට සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2024/07/05 දින හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
මෙම වැඩසටහන සදහා බලපත්‍ර /දීමනාපත්‍ර ලාභීන් 145 කට ආසන්න ප්‍රමාණයක් සහභාගීවූ අතර මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීමට සහය දුන් හම්බන්තොට සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයේ නිලධාරීන් වෙත තුති පුදමි !!




හම්බන්තොට බටහිර, හම්බන්තොට නැගෙනහිර, සාමෝදාගම හා සිරිබෝපුර ග්‍රාම නිලධාරී වසම් වලට අදාලව 2024 ජූලි මස 10 වන දින දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය හා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව දක්ෂිණ මෙහෙවර ජංගම සේවය හම්බන්තොට නිම්භාරාම විහාරස්ථානයේදී පවත්වන ලදි.
දකුණු පළාත් ඉඩම් කොමසාරිස්සතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු මෙම වැඩසටහන සදහා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ සහකාර ඉඩම් කොමසාරිස්තුමා, මූලස්ථාන ඉඩම් නිලධාරී, ජනපද නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරී, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ඉඩම් අංශයේ නිලධාරීන් හා අනෙකුත් අංශවල නිලධාරීන් සහභාගි විය.
මෙම වැඩසටහන සදහා බලපත්‍ර/දීමනාපත්‍ර ලාභීන් 478 කට ආසන්න ප්‍රමාණයක් සහභාගීවූ අතර මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීමට සහය දුන් සියලු දෙනා වෙත තුති පුදමි !!




පරිසර දින ජාතික සැමරුමට සමගාමිව හම්බන්තොට බටහිර ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් හම්බන්තොට වෙරළ උද්‍යානයේ සිට කි.මි.02ක් දක්වා ප්ලාස්ටික්, පොලිතින් වැනි අපද්‍රව්‍ය ඉවත් කිරිමේ වැඩසටහන 2024.06.03 වන දින පෙ.ව.10.00 ට ප්‍රාදේශීය ලේකම් තුමියගෙ මුලිකත්වයෙන් සිදු කරන ලදි.
මෙම වැඩසටහන හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙයේ ක්ෂෙත්‍ර නිලධාරීන්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, හම්බන්තොට පොලිසිය හා හම්බන්තොට මහ නගර සභාව, සහභාගිත්වයෙන් සිදු කල අතර වැඩසටහන සාර්ථක කර ගැනීමට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ස්තුතිය පුද කර සිටිමු.



















