හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ජී.සී.ආර්.විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ගෙ අත්කම් නිශ්පාදන අපනයන වෙලදපොලට ගැලපෙන ආකාරයෙන් නිශ්පාදනය කිරිමට අවශ්‍ය තාක්ෂණික දනුම ලබා දිම හා නිශ්පාදන මිලදි ගැනිම 2024-05-06 දින ලක් ආකේඩ් ආයතනය සහභාගිත්වයෙන් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.
ඒ සඳහා ලක් ආකේඩ් ආයතනයේ උපදේශක ධම්මික ජයවර්ධන මහතා හා එම ආයතනයේ තත්ත්ව පරීක්ෂක නිලධාරීන් තිදෙනකුගේ සහභාගිත්වයෙන් හා ව්‍යවසාය සංවර්ධන නිලධාරී, ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ නිලධාරි, අපනයන සංවර්ධන නිලධාරී, කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන් සහ කොට්ඨාසයේ ව්‍යවසායකයින් සම්බන්ධ විය.
එදිනම, ලක් ආකේඩ් ආයතනය මගින් රුපියල් 85000 ක භාණ්ඩ ව්‍යවසායකයින්ගෙන් මිලදී ගැනීමද සිදුවිය.



















