සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සැමරීම වස් 2569 වැනි වෙසක් පුණ්‍ය මහෝත්සවය තේමා කරගනිමින් 2025.05.13 දින සිට 2025.05.17 දින දක්වා හම්බන්තොට නගරය කේන්ද්‍ර කරගනිමින්  වෙසක්  කලාපය සාර්ථකව පවත්වන ලදී.

ඒ අනුව,

~2025.05.13 -  පිණ්ඩපාත චාරිකාව  හා  ප්‍රාදේශීය, දිස්ත්‍රික්, සමස්ත ලංකා මව් ගුණ, පියගුණ ගායනා තරඟ වලින් ජයග්‍රහණය ලැබූ දරුවන්ගේ මව් ගුණ, පියගුණ ගී හා බෞද්ධ ගී ගායන කුසලතා ඉදිරිපත් කිරීම.

~2025.05.14 - හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දහම් පාසල් දූ දරුවන්ගේ බැති ගී සරණිය හා තරුණ සේවා අංශය නියෝජනය කරමින් ඉදිරිපත් වූ  ගීතමය බෞද්ධ නාට්‍ය.

~2025.05.15 - හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය ආයතන වැඩිහිටි සමිති  ඉදිරිපත් කරන ලද වෙසක් බොදු බැති ගී සැඳෑව හා  ඉන්දීය තානාපති කාර්යාලය  ලබාදුන් ඉන්දිය නර්තන සංකලන

~2025.05.16 - හම්බන්තොට සංස්කෘතික බල මණ්ඩලයට අයත් වලව, අම්බලන්තොට සුපුන්සර කලායතනය මගින් ඉදිරිපත් කළ විශේෂ සංස්කෘතික සංදර්ශනය.

~2025.05.17 - හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය විසින් හම්බන්තොට නිම්බාරාම පුරාණ විහාරයේ සිට හම්බන්තොට සිරිබෝපුර ශ්‍රී ජයබෝධි විහාරස්ථානය දක්වා පවත්වන ලද වෙසක් පෙරහැර මංගල්‍යයෙන් සමාප්තිය සනිටුහන් කරන ලදී...

මෙම වෙසක් කලාපය  වෙසක් කූඩු  වලින්  අලංකාර වූ අතර  සෑම දිනකම රාජ්‍ය ආයතන, ස්වෙච්ඡා සංවිධාන  හා වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව විසින් දන්සල් ද පවත්වන ලදී.

හම්බන්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසනා සහ දිස්ත්‍රික් ලේකම්තුමාගේ  උපදෙස්   පරිදි හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව හම්බන්තොට මහ නගර සභාව ඇතුළු අනිකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සංවිධාන වල සහයෝගය ඇතිව පවත්වන ලද මෙම වෙසක් කලාපය සංවිධානය කිරීමට හා සාර්ථක කරගැනීමට සහය දුන් ඔබ සැමට අපගේ ගෞරවණීය ස්තුතිය

1245IMG 20250519 WA0012IMG 20250519 WA0071IMG 20250519 WA0201

 

හම්බන්තොට ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ අවුරුදු උත්සවය 2025.05.09 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරීශ්‍රයේ දී  උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙහි සමාරම්භක අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා හා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චන්දන රත්නායක මහතා සහභාගි වූ අතර මෙම අවස්ථාව ප්‍රාදේශීය ලේකම් ජී.සී.ආර්. විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා කාර්යාලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

තවද මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්වු සියලු දෙනාට ස්තූතිය පුද කරමි.

1235IMG 20250515 WA0016IMG 20250515 WA0018IMG 20250515 WA0021IMG 20250515 WA0045WhatsApp Image 2025 05 10 at 09.49.03 dc534111WhatsApp Image 2025 05 10 at 11.03.47 ff348cbb

~ ~  ඩිජිටල් ක්‍රමය යටතේ ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීම  ~ ~

ඩිජිටල් ක්‍රමයට ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීමේ සමාරම්භක වැඩසටහන  2025.04.01 දින හම්බන්තොට  ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සමාරම්භක වැඩසටහන  සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) - එම්.කේ.ඒ. අංජලා අමාලි මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) - ඩබ්.සි.ඒස්.කේ. රත්නායක මහතා, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් - ජී.සී.ආර්. විජේවර්ධන මහත්මිය, පරිපාලන නිලධාරී තුමිය ඇතුළු හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ගාල්ල කලාපයේ රෙජිස්ට්‍රාර් තුමිය හා  අනෙකුත් නිලධාරින්  සහභාගී විය.

මුල් වටයේදී  2021 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට උපන් දරුවන්ට ජාතික උප්පැන්න සහතිකය ලබාගැනීමේ අවස්තාව හිමිවේ.       

මෙම ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය සම්ප්‍රදායික කඩදාසි සහතිකයට වඩා නවීන, සුරක්ෂිත ලේඛනයකි. එමෙන්ම විදේශ ගමන් හා නීතිමය කටයුතු සඳහා ජාත්‍යන්තරමය වශයෙන් භාවිතයට වඩාත් සුදුසු වේ. තවද සිංහල හා ඉංග්‍රීසි හෝ දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා මගින් සහතිකය ලබා ගැනීමට හැකිවීම තුළින් උප්පැන්න සහතික වෙනම පරිවර්තනයන් සිදු කිරීමට අවශ්‍ය නොවන අතර උප්පැන්න සහතිකයේ කවර හෝ සංශෝධනයක් සිදු කළ විට එම තොරතුරු දත්ත පද්ධතියේ යාවත්කාලීන වේ.

එමෙන්ම මෙම ඩිජිටල් ජාතික උප්පැන්නය රජයේ අනෙකුත් ආයතන සමඟ විශේෂයෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමණ දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය වැනි ආයතන සමඟ තොරතුරු හුවමාරු කර ගත හැකි ලෙස මනාව සම්බන්ධ කර ඇත.

1234589

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශේෂ අවශ්‍යතා සහිත  පුද්ගලයන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා වූ අවුරුදු උත්සවය, හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් ජී.සී.ආර්. විජෙවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා  පලාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ අනුගහයෙන් 2025.04.24 දින හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරීශ්‍රයේදී පවත්වන ලදි.

IMG 20250502 WA0012IMG 20250502 WA0021IMG 20250502 WA0030IMG 20250508 WA0006IMG 20250508 WA0007IMG 20250508 WA0039IMG 20250508 WA0040

News & Events

02
ஜன2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
டிச2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

குடியுரிமை சாசனம்

Scroll To Top