හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව 2024.03.19 දින පවත්වන ලද සංගීත චිකිත්සක වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, පරිපාලන නිලධාරීතුමිය, පරිපාලන ග්‍රාම නිලධාරීතුමා ඇතුළු කාර්යාලීය නිලධාරීන් හා සංස්කෘතික බල මණ්ඩලය, දහම් පාසල් ආචාර්ය මණ්ඩලය, ආයුර්වේද සංස්කෘතික සභාව හා දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ විය.


























