සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සැමරීම වස් 2569 වැනි වෙසක් පුණ්‍ය මහෝත්සවය තේමා කරගනිමින් 2025.05.13 දින සිට 2025.05.17 දින දක්වා හම්බන්තොට නගරය කේන්ද්‍ර කරගනිමින් වෙසක් කලාපය සාර්ථකව පවත්වන ලදී.
ඒ අනුව,
~2025.05.13 - පිණ්ඩපාත චාරිකාව හා ප්‍රාදේශීය, දිස්ත්‍රික්, සමස්ත ලංකා මව් ගුණ, පියගුණ ගායනා තරඟ වලින් ජයග්‍රහණය ලැබූ දරුවන්ගේ මව් ගුණ, පියගුණ ගී හා බෞද්ධ ගී ගායන කුසලතා ඉදිරිපත් කිරීම.
~2025.05.14 - හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දහම් පාසල් දූ දරුවන්ගේ බැති ගී සරණිය හා තරුණ සේවා අංශය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ගීතමය බෞද්ධ නාට්‍ය.
~2025.05.15 - හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය ආයතන වැඩිහිටි සමිති ඉදිරිපත් කරන ලද වෙසක් බොදු බැති ගී සැඳෑව හා ඉන්දීය තානාපති කාර්යාලය ලබාදුන් ඉන්දිය නර්තන සංකලන
~2025.05.16 - හම්බන්තොට සංස්කෘතික බල මණ්ඩලයට අයත් වලව, අම්බලන්තොට සුපුන්සර කලායතනය මගින් ඉදිරිපත් කළ විශේෂ සංස්කෘතික සංදර්ශනය.
~2025.05.17 - හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය විසින් හම්බන්තොට නිම්බාරාම පුරාණ විහාරයේ සිට හම්බන්තොට සිරිබෝපුර ශ්‍රී ජයබෝධි විහාරස්ථානය දක්වා පවත්වන ලද වෙසක් පෙරහැර මංගල්‍යයෙන් සමාප්තිය සනිටුහන් කරන ලදී...
මෙම වෙසක් කලාපය වෙසක් කූඩු වලින් අලංකාර වූ අතර සෑම දිනකම රාජ්‍ය ආයතන, ස්වෙච්ඡා සංවිධාන හා වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව විසින් දන්සල් ද පවත්වන ලදී.
හම්බන්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසනා සහ දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් පරිදි හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව හම්බන්තොට මහ නගර සභාව ඇතුළු අනිකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සංවිධාන වල සහයෝගය ඇතිව පවත්වන ලද මෙම වෙසක් කලාපය සංවිධානය කිරීමට හා සාර්ථක කරගැනීමට සහය දුන් ඔබ සැමට අපගේ ගෞරවණීය ස්තුතිය






















