හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025.01.10 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
කාර්යාලීය නිලධාරින්ගේ ප්‍රාසාංගික හැකියාවන් හා දක්ෂතාවයන්ගෙන් යුත් අලංකාර ගායන, නර්තනය හා නාට්‍ය අංග ගණනාවකින් සමන්විත වූ මෙම අවස්ථාව හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චන්දන රත්නායක මහතා, ප්‍රාදේශීය ලේකම් ජී.සී.ආර්. විජේවර්ධන මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.එන්.ඉන්දික මහතා හා කාර්යාලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
තවද මෙම වාර්ෂික විවිධ ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්වු සියලු දෙනාට ස්තූතිය පුද කරමි.





























